සාර්ථක ජීවිතයක් උදෙසා තොරතුරු මත පදනම්ව තීරණ ගැනීමට අපි දත්ත භාවිතා කරමු

දත්ත වලින් දැනුවත් වෙමු,  සවිමත් වෙමු

වීඩියෝ නරඹන්න

වැඩි විස්තර සඳහා

දේශගුණික විපර්යාසය

දේශගුණික විපර්යාසය අද වනවිට සැලකෙන්නේ ප්‍රභල ගෝලීය ගැටළු වලින් එකක් ලෙසයි. එමගින් මනුෂ්‍ය පැවැත්මට විශාල බලපෑමක් කල හැකි අතර එම ගැටළු රටක සියලු අංශ වලට බලපෑම් කරනවා. ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම නිසා මුහුදු ජල මට්ටම ඉහළ යෑම හා නිතර කාලගුණික වෙනස් වීම් සිඳු වීමට හේතුවක් වෙනවා. මේ නිසා වෙරළබඩ ප්‍රදේශ වලට, ජාතික ආර්ථිකයට, ආහාර සුරක්ෂිතභාවයට හා මිනිසුන්ගේ සෞඛ්‍යට දැඩි බලපෑමක් ඇතිවී ඇත.

සීග්‍රයෙන් සිදුවන වනාන්තර විනාශය, පොසිල ඉන්ධන දහනය, නාගරීකරණය හා කාර්මිකරණය යන හේතුන් නිසා වායුවල ගුණාත්මකභාවය පහල වැටි තිබෙනවා. තවද මෙම හේතූන් විශාල ලෙස දේශගුණික වෙනස්වීම් වලටද බලපානු ලබනවා.

 

ජෛව විවිධත්වය

ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් පොහොසත් පරිසර පද්ධතියකින් ශ්‍රී ලංකාව සමන්විතයි. වැසි වනාන්තර, තෙත් බිම්, වෙරළබඩ හා සමුද්‍රීය වාසභූමි විවිධ ප්‍රතිලාභ ලබා දෙනවා: ජල පෝෂක කලාප ලෙස ක්‍රියා කිරීම, ස්වාභාවික උපද්‍රව වලින් ආරක්ෂා කිරීම, පාංශු ඛාදනය වැලැක්වීම, පාරිසරික සංචාර සේවා, ජල චක්‍ර හා වර්ෂාපතන නියාමනය හා මිනිසුන්ට ජීවත්වීමට මංපෙත් නිර්මාණය කිරීම ඒවායින් කිහිපයක්.

කෙසේ නමුත්, රටේ ජනගහනය ඉහළ යෑම පරිසර පද්ධති වලට විශාල බලපෑමක් සිදු කරනු ලබනවා. මෙහි ප්‍රථිපලයක් ලෙස පරිසර පද්ධති හායනය, හීනවීම හා අහිමිවීම සිදුවේ. එමෙන්ම නොකඩවා සිදුවන සැලසුම් රහිත සංවර්ධන ක්‍රියාකාරකම්, දුෂණය, පමණ ඉක්මවා ජෛව අපයෝජනය වැනි හේතූන් අද අපේ ජෛව විවිධත්වයට අති දැවැන්ත තර්ජනයන් එල්ල කරනවා.

 

භුමි හායනය

දැනට  හඳුනාගෙන තිබෙන ආකාරයට අනාගත ආර්ථික සංවර්ධනය කරා යන ගමනේ තිබෙන විශාලතම ගැටළු වලින් එකක් ලෙස මෙය පිළිගැනෙනවා.

ඉතා සීග්‍රයෙන් සිදුවන ජනගහනය ඉහල යෑම ස්වාභාවික සම්පත් කෙරෙහි විශාල පීඩනයක් එල්ල කරන අතර එහි ප්‍රථිපලයක් ලෙස පාංශු ඛාදනය විශාල වශයෙන් සිදු වන අතර පසේ සරුබව අහිමි වීම හා භෝග අස්වැන්න අඩුවීමද මේනිසා සිදුවෙනවා.

 

එමෙන්ම පසේ ලවනතාව ඉහළ යාමනිසා අස්වැන්න අඩු වීමට හේතුවේ. වනාන්තර විනාශය නිසා නායයාම හා වනාන්තර ප්‍රමාණය පහල වැටීම රටේ තෙත් කලාපයට හා වියලි කලාපය යන දෙකටම බලපානවා.

ආපදා අවදානම් අවම කිරීම

පසුගිය කාලය පුරාවට, ආපදා නිසා සිදුවන හානිවල කැපී පෙනෙන ඉහළයාමක් දැකගන්න ලැබුනා. ගංවතුර, සුළි කුණාටු, නායයෑම්, නියං හා වෙරළ ඛාදනය වැනි ස්වාභාවික උවදුරු හේතුවෙන් ඇතිවූ ආපදා රැසකට මුහුණ දෙන්නට අපට ඒ කාලය තුල සිදුවුණා. දෙශගුණික විපර්යාස , අක්‍රමවත් සලසුම්කරණයන් වැනි සාධක නිසා මෙම ව්‍යසනයන් සිදුවීමේ සීඝ්‍රතාවය ඉහල ගොස් තිබෙනවා.

 

පසුගිය දශකය පුරාවටම ශ්‍රි ලංකාව ජල-කාලගුණික උවදුරු වලට මුහුණදීමේ වැඩි අවදානමක් පෙන්වා ඇත.

එබැවින් දැනට පවතින ආපදා අවම කරගැනීම මෙන්ම නව අවදානම් වැළැක්වීම, සහ ධරණීය සංවර්ධනය ළඟා කරගත හැකි ආපදා ප්‍රත්‍යස්ථ සමජයක් ගොඩනැගීම අප විසින් වහාම සිදු කලයුතුව වෙනවා.

 

මෙම මාතෘකාවට අදාලව දත්ත ලබා දෙන ආයතන පිළිබඳව තොරතුරු ලබා ගැනීමට කරුණාකර මෙම pdf එක බාගත කර ගන්න.

වැඩිදුර දත්ත පරිශීලනයට

 ආපදා කළමනාකරණ අමාත්‍යාංශය

120/2 - විද්‍යා මාවත

කොළඹ 7 - ශ්‍රී ලංකාව

Tel: +94 (0) 11 266 5294

Fax: +94 (0) 11 266 5706

info@datasmart.lk

SHARE ON

©2018, Copyright -DataSmart | Design and Developed by BR Creatives|